ශ්‍රී ලංකා කණ්ඩායමට අයි.සී.සීයෙන් දඩ, සුපර් ලීගයේ තවත් ප්‍රසාද ලකුනකුත් කපා හැරේ
ශ්‍රී ලංකා කණ්ඩයාමෙන් ලෝක කුසලාන සුපර් ලීගයේ තවත් එක් ලකුණක් කපා දැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබෙනවා. ඒ පසුගියදා ඉන්දියාවත් සමග පැවති තරඟයේදී ශ්‍රී ලංකාව විසින් පන්දුවාර 50 නියමිත කාලය තුළදී යවා අවසන් නොකිරීම හේතුවෙනුයි. ශ්‍රී ලංකා කණ්ඩායමට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් මෙසේ දඩ නියම කර තිබෙන්නේ.
ඒ වගේම ක්‍රීඩකයන්ගේ තරඟ ගාස්තුවෙන් 20% මුදලක් දඩ වශයෙන් අය කරගැනීමට තරග තීරකවරයා ලෙස කටයුතු කළ රංජන් මඩුගල්ල මහතා පියවර ගෙන ඇති බවට වාර්තා වනවා.
ඊට අමතරව පන්දුවාර 50 නියමිත කාලය තුළදී යවා අවසන් නොකිරීම හේතුවෙන් අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් ප්‍රසාද ලකුණක් අහිමි කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.
මීට පෙර පවතී තරගයකදී ද පන්දුවාර යැවීමට වැඩි කාලයක් ලබා ගැනීමේ වරද හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ලෝක කුසලාන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 2ක් කපා හැරුණා.ලෝක කුසලාන සුපර් ලීගය යටතේ ශ්‍රී ලංකාව තරග 11කට ක්‍රීඩා කර ඉන් එක් ජයක් පමණක් ලබා මේ වන විට 12 වන ස්ථානයේ රැදී සිටිනවා.
නායක දසුන් ශානක වරද පිළිගනිමින් ලබා දී ඇති දඩුවම පිළිගෙන ඇති බවත්, එබැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු නොවන බවත් ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කර තිබෙනවා.

Comments
Post a Comment